$ads={2}
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරී පිරිසක් කළ වැටලීමේදී මෙම සැකකාරිය සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් 1. ග‍්‍රෑම් 650 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. කළුබෝවිල කුඩු රැජින ලෙස හඳුන්වන මෙම කාන්තාව ‘‘පූසි’’ නමින්ද හඳුන්වයි. මේ වන විට විදේශගතව සිටින බඩෝවිට අසංක නමැති ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ ප‍්‍රධාන ගෝලයා බව කියන ආමි ඉන්දික නමැත්තාගේ බිරිඳ බව කියන ‘‘පූසි’’ නමැති මෙම සැකකාරිය දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් හෙරොයින් ඡුාවාරමේ යෙදී ඇත. ආමි ඉන්දික නමැති සිය සැමියා සම`ග එක්ව මෙම කාන්තාව හෙරොයින් තොග ප‍්‍රවාහනය කිරීමේද නිරත වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය හෙරොයින් තොගයක්ද සම`ග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇත.
හේමන්ත රන්දුණු – ප‍්‍රභාත් විතාන