මොරොක්කෝවේ රයන් මෙන් අවසන් ගමන් ගිය මාවනැල්ලේ අගිත


මාවනැල්ලලේ අනාරක්ෂිත ළිඳකට වැටී පිරිමි දරුවෙක් මිය යෑමේ පුවතක් වෑගන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වෑගන්තලේ අංක එච්, 39 ලිපිනයේ පදිංචිව සිටි එන්. ඩී. අගිත අනුසර නමැති වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙකි. මිය ගොස් ඇති අවුරුදු තුන හමාරක් වයසැති පිරිමි දරුවාගේ පියා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් වසර 10ට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර වයස අවුරුදු 8ක වැඩිමහල් සහොදරියක් ද ඔහුට සිටියි.

වැඩිමහල් සහොදරිය වෑගන්තලේ ඉළුක්ගොඩ පදිංචි මිත්තනිය විසින් හදා වඩාගෙන පාසල් යවන බව මව වන 26 හැවිරිදි නදීකා නිශාදී රණසිංහ පැවසුවාය. පසුව පිරිමි දරුවාගේ මව වෑගන්තලේ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙක් හා බිරිය අතහැර දමා සිටින පුද්ගලයකු සමග විවාහ වී තාවකාලික නිවෙසේ ජීවත් වෙමින් සිටියදී ඔහුට දාව මාස 7ක දියණියක් ද මවට සිටින බවත් මාවනැල්ල පොලිසිය කියයි.

$ads={2}

මිය ගිය පිරිමි දරුවාගේ බාප්පා වත්ත පහළ තිබුණු පුවක් ගස් කිහිපයක පුවක් කැඩීමට යෑමට සූදානම් වූ අවස්ථාවේ වයස අවුරුදු තුන හමාරක දරුවා නිවෙස අසල ළිඳට වැටී සිරුර පා වෙමින් තිබුණු අයුරු දැක ඇති බව සඳහන් වේ.

පසුව අසල්වැසියන් දරුවාගේ සිරුර ගොඩට ගෙන මාවනැල්ල රෝහලට රැගෙන ගොස් තිබිණි.

එහිදී අනාවරණය වී ඇති ළිඳ සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත බවත් නිවෙසේ සිට අඩි 06ක් පමණ ඈතින් පිහිටා ඇති බවත්ය. ළිඳේ ගැඹුර අඩි 8ක් බවත් අඩි 06ක පමණ වතුර පිරී තිබූ බව අනාවරණය විණි.

මිය ගිය දරුවා දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08 වැනිදා) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය තරංග බණ්ඩාර නායකරත්න විසින් සිදු කළ අතර දියේ ගිලී යාමෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක වසන්ත උලගොඩ නිගමනය කෙරිණි.

Post a Comment (0)
Previous Post Next Post