පුෂ්පිකාගේ ගැළවුණු කිරුළ ගැන යුරේනි නොෂිකා තැබූ අමුතුම සටහන මෙන්න

තම සංවිධානයට පැවරී ඇති නිත්‍යානුකුල බලතල අනුව ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබුනා.

මේ අතර මෙම නිල නිවේදනයෙන් පුෂ්පිකාගේ  කිරුළ අහිමිවීම ගැන, යුරේනි නොෂිකා ඇගේ මුහුණූ පොතට සටහනක් එක් කොට තිබුණා.

එය පහතින්....

"මම කිසිම කෙනෙක්ට වරදක් පටවනවා නෙවෙයි.නමුත් මේ දේ කිව යුතුයි කියලා හැගුනා. මුලු මිලියන 21 ක ජනතාව අතරින් ඔබට මිනිසුන්ගේ ආකර්ශනය ,අවධානය ලබන්න , නම කියු සැනින් මිනිසුන් ඔබව හදුනනවනම් ඔබ ගොඩාක් වාසනාවන්ත විය යුතුයි. එ පිලිගැනීම නිසාවෙන් මේ රට,තමන්ගේ ජාතිය නියෝජනය කර ජාත්‍යන්තරයට යන්න ලැබෙනවා කියන්නේත් , තම මව් රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යවන්න සුදුසු කෙනෙක් පත් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා කියන්නේත් ඔයාලා සියලු දෙනා ඉතාමත් වාසනාවන්ත පිංවන්ත විය යුතුයි. එසේ දෙවියන් විසින් හෝ සොබාදහම විසින් දීලා තියෙන ආශීර්වාද වගකීමෙන් සහ තමන්ගේ මව්රටට උපරිම කීර්තියක් ගෙන දෙන ලෙස පාවිච්චි කරන එක අපි සියලු දෙනාගේ වගකීමයි. තමන්ගේ පුද්ගලික ක්‍රියාවන් ,හැසිරීම් ජාත්‍යන්තරයක් ඉදිරියේ පිලිබිඹු වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවක් ලෙසයි. එක නිසා අපි සියලු දෙනා මීට වඩා වගකීමෙන් කටයුතු කරමු"

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post