සුරූපී නර්තන ශිල්පිනියගේ මරණය තවමත් අභිරහසක්.. අනියම් ඇසුරක් දැයි සැකයක්..

ලණුවකින් ගෙල වැලලාගෙන මියගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ අඹගස්වැව, හිරියාල, තරණගොල්ල පදිංචිව සිටි අභයකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි හේරත් නමැති 28 හැවිරිදි රූමත් කාන්තාවකි. මහරගම දුම්රිය පටුමගේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක කාමරයක ගෙල වැලලාගෙන සිටි කාන්තාවකගේ සිරුර ලණුවෙන් මුදාගෙන පුද්ගලයකු රෝහලට රැුගෙන ගිය බවට පෙරේදා (12දා) රාත‍්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය කියයි. එම පැමිණිල්ල අනුව වහා ක‍්‍රියාත්මක වී එම නිවාස සංකීර්ණයට ගොස් විමර්ශන ආරම්භ කර නුගේගොඩ අපරාධ ස්ථාන

පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා විශේෂඥ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

ගෙල වැලලාගෙන සිටි කාන්තාව කළුබෝවිල රෝහලට

රැගෙන ගිය පුද්ගලයා එම රෝහලේ සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව රෝහල කරා පොලිස් නිලධාරියකු පිටත්කර එම පුද්ගලයාද නිවාස සංකීර්ණය වෙත රැුගෙන ඒමට කටයුතු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් කීය. එම කාන්තාව රෝහලට රැුගෙන යන විටත් මියගොස් සිටි බව එම පුද්ගලයා ලබාදුන් මූලික ප‍්‍රකාශයක සඳහන් වේ.

නිකවැරටිය මිල්ලගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන එම පුද්ගලයා ව්‍යාපාර කටයුතුවල නිරතවන්නකු බවත් දරුවන් තිදෙනකු සිටින විවාහකයකු බවත් පොලිසිය කියයි.

ඔහු මියගිය කාන්තාව සමග මීට මාස දහයකට පමණ පෙර සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර එකී කාලයේ සිට මාසිකව රුපියල් 30000 ක කුලියට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන එම කාන්තාව පදිංචි කරවා තිබූ බව ද, එම පුද්ගලයා දින කිහිපයකට වරක් එම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බව ද පොලිසිය කියයි.

$ads={2}

මියගොස් සිටින කාන්තාවද විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියක බවත්, මීට වසර 5කට පෙර සිය ගම් ප‍්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප‍්‍රදේශයේ විවිධ රැුකියාවල නිරතව සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. කේ. රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව ජයසිංහ, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

Post a Comment (0)
Previous Post Next Post