කෑගල්ලේදී පොලිස් උණ්ඩයට බිළිවූ චමින්දගේ අවසන් කටයුතු අද..

රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් 19වනදා පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි චමින්ද ලක්ෂාන් නමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ, දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදීයි. 

$ads={2}

දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා. ලබන සෙනසුරාදා දක්වා දේවාලේගම, රඔුක්කන සහ කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලබාගනු ඇති. 

Post a Comment (0)
Previous Post Next Post