ඉන්දීය යාචකයෙකුගෙන් ශ්‍රී ලංකාවට ආධාර

ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට සැරසෙන යාචකයෙකු පිළිබඳව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

මෙම යාචකයා ඉන්දීය ජාතිකයෙකි.

වැඩිදුරටත් වාර්තා වන්නේ පූල්පාන්ඩි නම් මෙම යාචකයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි හි පුද්ගලයෙකු බවය.

ඔහු මේ වනවිට ඉන්දීය රුපියල් 20,000 මුදලක් එකතුකරගෙන ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් 83,200ක් පමණ වෙයි.

$ads={2}

ඔහු මීට පෙර අවස්ථාවකදීද කොරෝනා හේතුවෙන් එරට අසරණව සිටි පුද්ගලයන් හට උපකාර කිරීම සඳහා තමන් සතුව තිබූ ඉන්දීය රුපියල් 90,000ක පමණ ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

 "මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලි වලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා" 

Post a Comment (0)
Previous Post Next Post