අරලියගහ මන්දිරය ඉදිරියේ ඇති මයිනාගෝ ගමේ උණුසුම් තත්ත්වයක් [VIDEO]

අරලියගහ මන්දිරය ඉදිපිට ඇති මයිනාගෝ ගමේ අද (29) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

එහිදී අරලිගහ මන්දිරය ඉදිරියේ ඇති පදික වේදිකාව අවහිර වන සේ බස්රථ නවත්වා තිබුණු අතර විරෝධතාකරුවන්ගේ හඬ නොඇසෙන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා පිරිත් සඡ්ඡායනායක් ද විකාශනය කිරිමට කටයුතු කර තිබුණා.

මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණේ විරෝධතාකරුවන් පිරිස විසින් සිය විරෝධතා පුවරු බස් රථවල සවි කිරීමට කටයුතු කිරීමත් සමඟයි.

එහිදී පොලිස් නිලධාරීන් විසින් එම පුවරු ගලවා ඉවත් කිරිමට කටයුතු කිරීමත් සමඟ දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

විරෝධතාකරුවන් විසින් පොලීසියට පවසා සිටියේ බස් රථ ඉවත් කරගැනීමට කටයුතු කරන ලෙසයි.

එහිදි උසස් ‍පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ පිරිස විසින් විරෝධතාවය ඉවත් කරගැනිමට කටයුතු කරන්නේ නම් බස් රථද ඉවත් කරගන්නා බවයි.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්,

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post