IOC සහ Ceypetco සඳහා ඒකාබද්ධ මිල සුත්‍රයක්...

මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබදව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහූ ඊයේ (28) පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට සහභාගී වූහ.

පවතින අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීම පිළිබඳව පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කළහ.

මෙහිදී ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

$ads={2}

මෙම අමාත්‍යාංශ ද්විත්වය සදහා නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර ඇති බවත් පවතින තත්ත්වය කළමණාකරණය කොට ඉදිරිදින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට පවසා සිටියේය. එසේම මෙම අර්බුදය සදහා බලපා ඇති හේතූ සහ පැවති කළමණාකරණ දුර්වලතා පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සදහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරකම සේවය කරන බවත් ආදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් අමාත්‍යරයා පැවසීය. විදුලි බල ජනනය සදහා අවශ්‍ය ගල් අගුරු නැවක් සදහා ගෙවීම් සිදුකළ බවත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අගුරු පවතින බව ද ඔහු පැවසීය.

Post a Comment (0)
Previous Post Next Post