ජාත්‍යන්තර කපුටන් අගය කිරීමේ දිනය හා බැසිල්ගේ 71 වන ජන්ම දිනය අද (27)....

ජාත්‍යන්තර කපුටන්  අගය කිරීමේ දිනය අද (27) ට යෙදී තිබේ. මෙය ආරම්භ කරන ලද්දේ කපුටන් කෙරෙහි උද්යෝගිමත් පිරිසක් මාර්ග සංචාරයක යෙදී සිටිමින් කළ ප්‍රවර්ධන කටයුත්තක් හේතුවෙනි.

මෙම විස්මිත පක්ෂියා බොහෝ දෙනෙකුගේ පිළිකුලට ලක්වෙතත් පරිසරයේ සමතුලිතතාව පවත්වා යාමට අපූරු මෙහෙයක් ඉටු කරයි. තියුණු බැල්මකින් යුතුව  හැමවිට හැසිරේ.

කසල සොයා ඉවත්කිරීමටද සමත්ය.උගේ බුද්ධිය සහ කරුණාව වෙනුවෙන් ඇගයීමක් කළ යුතු බවට ආ අදහස නිසා මෙවන් සැමරුම් දිනයක් යෙදිණි.

මේ අතර 1951 අප්‍රේල් 27 දින උපන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ 71 වන ජන්ම දිනයද අදට යෙදී තිබේ.

ඔහු ශ්‍රී ලංකා-ඇමරිකානු දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු මුදල් අමාත්‍යවරයෙකි.

$ads={2}

2005-2010 කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කළ අතර 2007 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් විය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම මනාප ලබා ගනිමින් තේරී පත් විය. 2010-2015 ආර්ථික සංවර්ධනය සඳහා කැබිනට් අමාත්‍යවරයා විය.2020 වත්මන් රජය පිහිටුවීමට ක්‍රියාකළ නමුත් මන්ත්‍රී ධූරයක් මුලදී ලබා නොගත්අතර පසුගිය වසරේ මුදල් ඇමති ධූරයට පත්වූයේ ජාතික ලැයිස්තුවේ කෙනෙකු ඉවත්වී ඔහු ලබාගත් මන්ත්‍රී අසුනකින් පසුවයි.

කොළඹ ඉසිපතන විදයාලයේ ආදි සිසුවෙකු වන බැසිල් ටික කලක් කොළඹ ආනන්ද විද්‍යාලයේද ඉගෙන ගත්තේය.

බැසිල්ගේ බිරිය පුෂ්පා රාජපක්ෂ වන අතර තේජානි, බිමල්කා හා අශාන්ත දරුවන් තිදෙනෙකි. ඔවුන් සියල්ල ඇමරිකාවේ වාසය කරති.

Post a Comment (0)
Previous Post Next Post