රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කොටසක වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන ‘හර්තාල්‘ ආකාරයේ දැවැන්ත සංකේත වැඩ වර්ජනය හේතුවෙන් අද දින නගර පාළුවට ගොස් ඇති අතර රජයේ කටයුුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.
වෙළෙඳ සල්, පාසල්, කාර්යාල වසා දමා ඇති අතර විවෘත කර ඇති කාර්යාලවල පවා සේවකයන්ගේ පැමිණීම අතිශය සිමිතවී ඇත.
ලංගම බස් රථ ධාවනය වන අතර පෞද්ගලික බස් රථ ධාවනය අඩුවක් වෙතත් නතරවී නැත. දුම්රිය ධාවන කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී තිබේ.
වර්ජනයක් පැවතිය ද වරාය අත්‍යවශ්‍ය කොටස් වල හා ගුවන්තොටුපල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව වාර්තා විය.
අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, තැපැල්, සමෘද්ධි, බැංකු, සංවර්ධන නිලධාරී, කම්කරු යන ක්ෂේත්‍ර ඇතුළුව වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් වර්ජනය ක්‍රියාත්මක වේ.“ජනමතයට හිස නමමු – ආණ්ඩුව ගෙදර යනු” තේමාව යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබෙයි.
මෙම වර්ජනයේ ඉල්ලීම් තීව්ර කරමින් විරෝධතා පා ගමනක් අද දහවල් 12.00ට කොටුව දුම්රියපොළ ඉදිරියෙන් ආරම්භ වීමටද නියමිතයි.