නාමල් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක් තියයි! ගෝඨාට ගැහුවාද? නාමල්ටම ගහගත්තාද?

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ජනතාව දුක් විදින නමුත් රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද – නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද යනුවනේ ප්‍රශ්න කොට ඇත.

එහි මෙසේද සදහන්ය.

ජනතාවගෙන් කොටසක් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති. විපක්ෂය, ආණ්ඩුවට එරෙහිව පෙළපාලි සංවිධානය කරති. ඒ මදිවාට රටම දුක් විදිද්දී ආණ්ඩුවේම අය කෑලිවලට බෙදී බහුතරය හදා ගැනීමේ සටනක නිරතව සිටිති. ඇත්තෙන්ම අපි, රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද – නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් ඒ සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද…?

කෙසේවෙතත් නාමල්ගේ පියා රටේ අගමැතිවරයා වන අතර ජනාධිපතිවරයා වන්නේ නාමල්ගේ බාප්පාය.

$ads={2}


Post a Comment (0)
Previous Post Next Post