ගිනි පෙට්ටියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍යවල අදහස් පළවෙමින් පවතියි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් rasagossip.lk වෙබ් අඩවිය මෙරට ප්‍රධාන පෙළේ ගිනි පෙට්ටි නිෂ්පාදන සමාගමකින් විමසීමක් කළේ ය.
එහිදී එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ප්‍රචාරය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ය.
$ads={2}
එවැනි විශාල අගයකින් ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමට තම සමාගම පියවර ගෙන නොමැති බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පවතින අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මත සුළු අගයකින් ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව ත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.
මේ වන විට ගිනි පෙට්ටියක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 9කට ය.