ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියද අලූතෙන් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ එච් අයි වී සමග ජීවත්වන පුද්ගලයින් ගණන 3700 ක් .
$ads={2}
ශ්‍රී ලංකාවෙන් පසුගිය වසරේදී එච් අයි වී ආසාදිතයින් 410 ක් වාර්තා වී ඇති අතර 2019 වසරට සාපේක්ෂව 2020 සහ 2021 වසරවලදී ආසාදිතයින් වාර්තා වීමේ යම් පහත වැටීමක් පෙන්නුම් කරනවා.
කොවිඩ් 19 වසංගත හමුවේ පනවන ලද සංචරණ සීමා නිසා එච් අයි වී පරීක්ෂණ කටයුතු වලට බාධා පැමිණීම ඊට හේතුවයි.
එච් අයි වී පරීක්ෂා කර ගැනීමට කැමති ඹ්නෑම අයෙකුට www’know4sure’lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ඊට වේලාව වෙන්කර ගත හැකි අතර 0112 යි 667 යි 163 හෝ 070 යි 36 යි 33 යි 533 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.
මීට අමතරව 071 යි 637 යි 91 යි 92 යන දුරකතන අංකයට ඇමතීමෙන් එච් අයි වී ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද පවතිනවා.