රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් කොළඹ, ගාලු මුවදොර ප්‍රදේශයේ සිදුකරන මහජන විරෝධතාව සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
කොටුව පොලීසියේ නිලධාරීන් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වෙත එම කරුණු වාර්තා කිරීම සිදුකළ ඇති බවයි සඳහන් වන්නේ.
$ads={2}
ගාලු මුවදොර ප්‍රදේශයේ විශාල පිරිසක් රැස්ව උද්ඝෝෂණ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවත් ඒ මගින් මහජන ගමනාගමනයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා සිදුවී ඇති බවත් පොලීසිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.