ගෝඨා-ගෝ-ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!

ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙසට උද්ඝෝෂණය කළත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට ඔහු අභියෝගයක් ද එල්ල කර සිටිනවා

ඔහු ඒ බව අවධාරණය කර සිටියේ පෙරේදා (16) දින මහනුවරදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්‍ෙ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා,

$ads={2}

“පාර්ලිමේන්තුවේ 225 ඉවත් වෙලා අපි ඊළඟට රටේ පාලනය භාර දෙන්නේ කාටද කියන ප්‍රශ්නය තිබෙනවා. එහෙම බාරදෙන යාන්ත්‍රණ කුමක්ද කියලා මේ යෝජනා ඉදිරිපත් කරන අයගෙන් මම අහනවා. මේ කියන විදිහට විපක්ෂයට රට බාර දෙන්නත් බැහැ. මොකද මේ අය කියන්නේ 225 අයින් වෙන්න ඕනෑ කියලයි.

ගාලූමුවදොරට එක්වී සිටින පිරිස් අතර බුද්ධිමතුන් ඉන්න බව කියනවා. ඒ අයට රට බාර දෙන්න යෝජනා කරනවා. මෙලෙස රටක පාලන භාරදීමේ ක්‍රමවේදයක් ලෝක දේශපාලන ඉතිහාසය තුළ මා දැක නැහැ. අදාළ ක්‍රමවේදය පැකේජයක් ලෙස ඉදිරිපත් කළොත් අපි සලකා බලනවා. මේවගේ එල්ලිලා ඉන්න අපිට අවශ්‍යතාවයක් නැහැ දේශපාලනය හැර කරන්න විකල්ප දේවල් ඕන තරම් අපිට තියෙනවා.”

Post a Comment (0)
Previous Post Next Post