
මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය වෙනුවෙන් ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේෙ ඊයෙ හම්බන්තොට වරායෙන් රැගෙන ගොස් තිබේ.
මෙම ජල ප්‍රහාරක රථය (water canon) ඉන්දියාවෙන් ගෙන්වූ බව ද වාර්තා වේ.
එය Vijay Fire Vehicles and Pumps Limited වෙතින් ගෙන්වා ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණයපවා ලබාගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් එම මුදල් රටේ ජනතාව මර්දනයට යෙදවීමට වියදම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ද එය දැඩිසේ විවේචනයට ලක්වී තිබේ.
$ads={2}
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මුලස්ථානයයේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය.
විශේෂ ආරක්ෂාවක් යටතේ හම්බන්තොට වරායේ සිට ගෙන යන ලද මෙම ජල ප්‍රහාරක රථය දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගෙන ගොස් ඇති අතර එය හම්බන්තොට පිවිසුමෙන් ඇතුල් කර ඇත්තේ 06 වැනිදා සවස 4.55 ට පමණ වේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මෙරට පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දීය රජය විසින් ලබාදී ඇති ණය පහසුකම් යටතේ කිසිඳු ජල ප්‍රහාරයක රථයක් සපයා නැති බවයි.
ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම් ලංකාවට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ වැසියන් හට ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණෙන් බව එම නිවේදනයේ දැක්වේ.
