අක්කරෛපත්තුව ප්‍රදේශයේ කලහාකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය වෙඩි තබයි....

අක්කරෛපත්තුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇතිවූ කළහකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අක්කරෛපත්තු - කල්මුණ ප්‍රධාන මාර්ගයේ පාලමුණ රෝහල ඉදිරිපිට පිහිටා ඇති මාර්ග බාධකය අසලදී මෙම කලහකාරී තත්ත්වය හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් නැවැත්වීමට පොලීසිය සංඥා කර තිබෙනවා. එම අවස්ථාවේදී යතුරුපැදිය මාර්ගයේ පෙරලී ගොස් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා තිබෙනවා. 

මෙම සිදුවීමෙන් පසු එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් 700 ක පමණ පිරිසක් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහරදී මුර කුටිය ද ගිනි තබා විනාශ කර තිබෙනවා. 

$ads={2}

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා සහ යතුරුපැදිකරු ද රෝහල්ගත කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය සඳහන් කළේ. 

මේ අතර ප්‍රදේශවාසීන්ගේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෛපත්තු හා අම්පාර යන රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත පොතුවිල් සහකාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

Post a Comment (0)
Previous Post Next Post