ඊට සහාය පළ කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.
අද ක්‍රියාත්මක කෙරෙන හර්තාලයට සමගාමීව උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරිමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න ඊයේ කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියාමක, රියදුරු ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති හර්තාලයට සහය නොදක්වන බැවින් අදට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනය කිරීමට අපේක්ෂා කරන බවයි.
දුම්රිය ස්ථානාධිපති සංගමය ද හර්තාල් ව්‍යාපාරය සඳහා සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.
මේ අතර, පෞද්ගලික බස් සංගම් ද ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින අතර, මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න.
එහෙත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරන බවයි එහි සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ.
$ads={2}
මේ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ අද පැවැත්වෙන හර්තාල් ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහය පළ කරන බවයි.
ගුරු - විදුහල්පති හා ගුරු උපදේශකවරුන් ද මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළ කරන බව ගුරු සංගම් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ තම සංගමය ඊට කිසිදු සහයෝගයක් ඊට ලබා නොදෙන බවයි.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් කියා සිටියේ පාසල් විභාග පැවැත්වෙන බැවින් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි.
එහෙත්, වර්ජනයට සහාය පළ කරමින් කළු කොඩියක් සහිත පාසල් ප්‍රවාහන සේවා අද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.
ජල සම්පාදන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක ද වර්ජන ක්‍රියාමාර්ගයට තම වෘත්තීය සමිති ද සහභාගි වන බව ප්‍රකාශ කළා.
එමෙන්ම රජයේ හා පෞද්ගලික බැංකු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බවයි ලංකා බැංකු සේවකයින්ගේ සංගමය කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලු වෘත්තීය සමිති අද පැවැත්වෙන හර්තාල් හා වර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළ කරන බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනය කළේ දැනටමත් පීඩාවට පත්ව සිටින ජනතාවගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් අද පැවැත්වෙන හර්තාලයට සක්‍රීයව සහය නොදක්වන බවයි.
එහෙත් පවතින අර්බුදකාරී වාතාවරණය සමනය කොට ආර්ථික, සමාජයීය සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වෘත්තීය කණ්ඩායමක් වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග තම සංගමය විසින් ගනිමින් සිටින බවද එමඟින් ප්‍රකාශ කළා.
එසේම, අද පැවැත්වෙන වර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමය සඳහන් කළා.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු කියා සිටියේ අද දිනයේ වර්ජනයකට අවතීර්ණ නොවුණ ද හර්තාල් ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් දහවල් දොලහේ සිට පස්වරු දෙක දක්වා දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම, අද දිනයේ රජයට විරෝධය පළ කිරීම සඳහා කළු පටි පැළඳ සේවයට වාර්තා කිරීමට ද තීරණය කර ඇති බව ඔහු කියා සිටියා.
මේ අතර, හර්තාලය හේතුවෙන් අද දිනයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක වන්නේ නැහැ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බව දන්වා ඇති බවයි.
එසේම, අද දිනයේදී ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවද මහජනතාවට දැනුම් දෙනවා.
-hiru news