
අද (මැයි 17) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
$ads={2}
ඒ අනුව, මන්ත්‍රීවරුන් පදිංචි වී සිටින ස්ථානවල ආරක්ෂාව වැඩි කිරීම සහ පාර්ලිමේන්තුවට පැමිණීමේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටව යාමේදී අතිරේක ආරක්ෂාවක් සැපයීමෙන් මන්ත්‍රීවරුන්ට දැනට ලබා දී ඇති ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් ලබා දීමට නොපමාව පියවර ගන්නා ලෙසට ආරක්ෂක ලේකම්වරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට කතානායකවරයා විසින් ලිඛිතව දන්වනු ලැබ තිබේ.
පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවත්වූ පක්ෂ නායක රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව කතානායකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.