ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ මාධ්‍ය හමුවේදී නිසි අනුමැතියකින් තොරව එක්සත් ජනපද CIA නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි තැනැත්තාට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේදී තමන් විසින් ගෙවනු ලැබ ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෙළි කළ තොරතුරු අසත්‍ය බව ය.
රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැති බව ඔහු එහි සඳහන් කර තිබේ.
එම ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් අමෙරිකානු එක්සත් ජනපදයේ සිදු කළ විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය සිදු කළ ගෙවීම් ද අඩංගු බව කබ්රාල් මහතා පෙන්වා දී ඇත.
ඔහු සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී දෙනු ලැබ ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත එම ගෙවීම් සිදු කර ඇති අතර මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට කර ඇති බව ය.
එබැවින්, රජය වෙනුවෙන් අ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදු කිරීමේදී කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝණය කිරීමක් මහ බැංකුව සිදු කර නොමැති බව තහවුරු කළ හැකි බව ඔහු සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
$ads={2}
එසේ වුව ද තමන් විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කරන ලද බවට ද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවට ද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇතැයි කබ්රාල් මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ, මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවට ම පාහේ මෙම ගනුදෙනු සියල්ල ගැඹුරින් විමර්ශනය කළ ද එසේ කිරීමෙන් පසුව තමන් කිසිදු අතපසු වීමක් හෝ නීති උල්ලංඝණයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වූ බව ය.
එබැවින්, එම වසර 5ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් තමන්ට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බව ද ඉතා පැහැදිලි බව ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එසේ වුව ද මෙම දේශපාලනික කණ්ඩායම් යළි ත් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, තම කීර්ති නාමයට හානි කිරීමට සහ තමන් මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සහයක් ආරම්භ කර ඇති බව කබ්රාල් මහතා සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරට ත් සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ, තමන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර අදාළ හෙළිදරව්ව සිදු කළ පිරිසේ ක්‍රියාවලට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බව ත් එම ‘නින්දිත ක්‍රියාවල’ යෙදෙන්නන් ඒවාට වගවීමකට ලක් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ත් ය.
රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” රටට හෙළිදරව් කරනු ලැබීමේ මාධ්‍ය හමුව අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.