අගමැති ඉල්ලා අස් නොවෙයි..

අද දිනයේ තමන් ධුරයෙන් ඉවත් වීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ධුරයෙන් වත් වන්නැයි ජනාධිපතිවරයා දැන්වුවහොත් ඊට පිටුපෑමට නොහැකි බවත් හෙතෙම පැවසීය.

$ads={2}

තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ද පැවසූ ඔහු ඉල්ලා අස්වීම සඳහා තමන් කිසිදු සූදානමක් නැති බවද කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නමුත් ඔහු වටේ සිටින කපුටු රැලක් විසින් ඔහුගේ ඉල්ලා අස්වීම සිදු නොකරන ලෙස දැඩි බලපෑම් කරමින් සිටින බවයි.

Post a Comment (0)
Previous Post Next Post