
ඊයේ සවස මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාවට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.
එහිදී අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ජාවක් වී ඇති බව දැනගන්නට ඇත.
$ads={2}
කෙසේවෙතත් එම සාකච්ජාවකට සහභාගී වී සිටි කිහිප දෙනකු ඇමැති ධූර ලබා ගැනීමට එකගතාව පළ කරද්දී තවත් කිහිප දෙනකු ඊට විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ.
ඊට සහභාගී වූ පිරිස් සම්බන්ධයෙන් සියලු තොරතුරු අප සතුව ඇති අතර ඉදිරියේදී එය හෙළිදරව් කිරීමට අප සූදානම්ය.
-mawratanews