ඉදිරි දින දෙකේදී පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නැහැ - බලශක්ති ඇමති කියයි

ජනතාව පෝලිම්වල සිටියද ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ වන විට පෙට්‍රල් නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ තිබුණත් ඒ සඳහා ගෙවීමට ඩොලර් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

$ads={2}

අදාළ මුදල් සොයා ගැනීමෙන් අනතුරුව අද හෝ හෙට නිදහස් කර ගැනීමට උත්සාහ කරන බවත් කෙසේ නමුත් ඩීසල් තොග මෙරට ප්‍රමාණවත් පරිදි තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

එසේම මෙරට ගෑස් සිලින්ඩර ලක්ෂ 40 ක් හිස්වී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට දින 20 ක් පමණ ගතවන බවද විපක්ෂය යොමු කර ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර භූමිතෙල් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවත් කෙසේ නමුත් ඇතැම් පිරිස් භූමිතෙල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් වාර්තා වන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළා.

Post a Comment (0)
Previous Post Next Post