
කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ඉන්ධන දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.
$ads={2}
ඉන්ධන ලබාදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලිකව අදාළ රථයේ සිටිය යුතු බවත්, අත්පිට මුදලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවත් පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.