ගාලුමුවදොර අරගලයට පහරදුන් සනත් නිශාන්ත මන්ත්රීවරයාගේ බව කියන මැර පිරිසක් අධිකරණ භූමියට ඇතුළුවීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
සනත් නිශාන්ත මන්ත්රීවරයා ඇතුළු පිරිස අද කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
$ads={2}
ඒ අනුව පසුව එම ස්ථානයට පැමිණි වෙනත් පිරිසක් අධිකරණ භුමියට ඇතුළුවී ඇති අතර විරෝධතාවයේ නිරත පිරිස් චෝදනා කළේ, පසුගිය මැයි 9 වනදා අරගලයට පහරදුන් සනත් නිශාන්ත මන්ත්රීවරයාගේ මැරයින් එම ස්ථානයේ සිටින බවයි.