ජොන්ස්ටන්, සනත් නිශාන්ත, ඩෑන් ප්‍රියසාද් ඇතුළු 22ක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

අරලියගහ මන්දිරය අසල මයිනාගෝගමට හා ජනාධිපති කාර්යාලය අසල ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිවලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු 22කුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ‍ෙ

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ නම් ඇතුළත් වේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ අදාල පහරදීමේ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට දැනුම් දී ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිසගේ නම් ඇතුළත් ලැයිස්තුවට දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ද ඇතුළත් වෙයි.

අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස පහත පරිදි වේ:

$ads={2}

  1. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
  2. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත
  3. පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක
  5. මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු
  6. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
  7. කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම
  8. සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද්
  9. නාලක විජේසිංහ
  10. බන්දුල ජයමාන්න
  11. දිනෙත් ගීතක
  12. අමල් සිල්වා
  13. සමීර චතුරංග ආරියරත්න
  14. රුවන්වැල්ලේ රමණි
  15. තුසිත රණබාහු
  16. සජිත් සාරංග
  17. පුෂ්පලාල් කුමාරසිංහ
  18. සවීන් ප්‍රනාන්දු
  19. නිශාන්ත මෙන්ඩිස්

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ නඩු පවරන ලෙසට ද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

Post a Comment (0)
Previous Post Next Post