ත්‍රීවීල් ගාස්තු හා බස් ගාස්තු මිලත් ඉහළට...

ඊයේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ත්‍රීරෝද‍ රථ වලින් ගමන් කිරීමේදී ගාස්තු පළමු කිලෝමීටරයට රුපියල් 80 සිට 90 දක්වා ඉහළ දමා ඇති බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ සංගමය දන්වා සිටී.

කෙසේ වෙතත් මේ දිනවල ඇතැම් ත්‍රීරෝද ගමන් කරන්නේ ‘කථා කරගන්නා‘ වැඩි මිලට වන අතරම පික්මී උබර් යොගෝ වැනි ජාල හරහාද වැඩි ගාස්තු ආදේශ කර තිබේ.

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස්ගාස්තුද ඉහළ දමන්නට කැබිනට් මන්ඩලය අවසර දී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

$ads={2}

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස රජය ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ දැමීමට බස් සංගම් සාකච්ඡා කර ඇත.

බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකිරීමට  සංගම් අවධානය යොමුකර ඇතැයි උදෑසන වාර්තාවිය.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අනෙකුත් භාණ්ඩ හා සේවා රැසක මිලද යළි ඉහළ යනු ඇත.

Post a Comment (0)
Previous Post Next Post