
සාෆී මහතාට හිමි හිඟ වැටුප කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ගණකාධිකාරිවරයා විසින් ඔහුගේ පුද්ගලික ගිණුමට ඉකුත්දා බැරකර තිබුණ අතර පසුව සාෆි වෛද්‍යවරයා එම මුදල කුරුණෑගල රෝහලේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.
$ads={2}
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ සමයේදී වෛද්‍ය සාෆී මහතා කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට ඉකුත් කාලයේදී රටපුරා ආන්දෝලනාත්මක ප්‍රචාරයක් ගිය අතර මේ සිද්ධිය සඳහා ඔහුට එරෙහිව අධිකරණයේදී නඩු පැවරීමට ද කටයුතු යෙදා තිබුණි.
ඒ හේතුවෙන් වෛද්‍ය සාෆි මහතා අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගත් අතර ඔහුට එරෙහිව පැවැති නඩුවෙන් සාෆි වෛද්‍යවරයාට හිඟ වැටුප් ගෙවන ලෙස අභියාචනාධිකරණය සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර තිබුණි.