පෙට්‍රල් නෞකාව දිවයිනට පැමිණීම ප්‍රමාද වෙයි - ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම ගැනත් දැනුම්දීමක්

අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනයකින් පමණ ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමා සහිතව බෙදා හරින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

$ads={2}

කෙසේ නමුත් ඔටෝ ඩීසල් සාමාන්‍ය පරිදි බෙදා හැරීම සිදුකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment (0)
Previous Post Next Post