ගාල්ලේ 12 හැවිරිදි සිසුවෙක් සිසුවියන් 4 දෙනකු බ්ලේඩ් එකකින් කපලා...

ගාල්ල නගරයේ ජනප්‍රිය විදුහලක හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවකු විසින් යාබද බාලිකා විදුහලේ සිසුවියන් හතර දෙනකු ‘බ්ලේඩ් එකකින්’ කපා තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

වයස අවුරුදු 09, 12 සහ 15 වයස්වල සිසුවියන් හතරදෙනකුට මෙසේ තුවාල සිදුකර ඇත. එක් සිසුවියකගේ අතට මැහුම් දැමීමට පවා සිදුව ඇති බව ද පොලිසිය පවසයි.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට පාසලේ විද්‍යාගාරයේ ක්‍රියාකාරකමට වධ මලක් සහ ‘බ්ලේඩ්’ එකක් ගෙන එන ලෙස ගුරුවරයා පවසා ඇත. ඒ අනුව සිසුන් විසින් ඒවා ගෙනැවිත් ඇත. මේ අතර විද්‍යාගාරයේ ක්‍රියාකාරකම් අවසන් වීමෙන් පසු පාසල ඇරී යන විට ‘බ්ලේඩ්’ එකෙන් සිසුවියන් කැපීමට සිසුන් තිදෙනකු එක්ව කතා කර ගෙන ඇත.

$ads={2}

ඒ අනුව පාසල නිමවී යන අවස්ථාවේ අනෙක් සිසුන් දෙදෙනා මගහැර ගොස් ඇති අතර මෙම සිසුවා පමණක් සිසුවියන් හතරදෙනෙකුගේ අත් ‘බ්ලේඩ්’ එකෙන් කපා දුවගොස් ඇත.

පොලිසිය පැවසුවේ මෙම සිසුවා තවමත් දොළොස් හැවිරිදි වියේ පසුවන නිසා කරාපිටිය රෝහලේ බහු විෂය කමිටුවට ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවය.

ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා චෞද්රි, සැරයන් නිහාල් (58401), කාන්තා කොස්තාපල් උදයංගනී (7861) යන මහත්ම මහත්මින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ

Post a Comment (0)
Previous Post Next Post