අද සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකෙ​රේ..

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (28) සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ, අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම්, කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීමට නියමිත බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (27) සඳහන් කළා.

$ads={2}

මේ අනුව පෞද්ගලික වාහන සඳහා අද සිට ජුලි 10 දක්වා ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර කොළඹ කලාපය තුළ සියලුම පාසල්, බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශ සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබෙන අතර අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Post a Comment (0)
Previous Post Next Post