පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.
ඒ අනුව අද (28) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
$ads={2}
ජූලි 10 වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළ බව ඊයේ (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.