“මම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා.” යැයි ඔහු පැවැසීය.
“මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
දේශපාලන ප්‍රශ්නයකදී ඒක පැත්තකින් තියන්න බැහැ. මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න ගැන. දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල, සිදුවන්නේ කුමක්ද යන්න තීරණය කළ යුත්තේ පක්ෂයයි, නමුත් මම හිතන්නේ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් වූ විට එය කළ යුතුයි.”
ගෝඨාගෝම අරගලයේදී ඔවුන් රජයට ඉවත් වන ලෙස සඳහන් කළත් ආණ්ඩුව ඉවත් වුවත් මේ අවස්ථාවේදි මැතිවරණයක් පැවැත්විමට හැකියාවක් නොමැති බවත් මේ අවස්ථාවේදි සාමානය ජනතාවට මැතිවරණයක් අවශ්‍ය නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ගෝඨාගෝගමට පහරදීමෙන් අනතුරුව දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩතා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිවාස හා දේපලවලට ගිනි තැබීමට තමන් විරෝධය දක්වන බවයි. ඒ සඳහා කටයුතු කළ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවැසීය.
එසේම දිවයිනපුරා ඇතිවූ ප්රචණ්ඩතාවල වින්දිතයන් බවට පත්වූ බොහෝ පිරිසක් අවම වශයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති රැස්වීමට හෝ එක් නොවුන බවත් ඔහු පැවැසීය.
“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රැස්වීමට (අරලිය ගහ මන්දිරයේ පැවැති) ආවේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඝාතනය කළා. අනෙක් සාමාජිකයා, ජනාධිපති රාජපක්ෂගේ විරුද්ධවාදියෙක් වන කුමාර් වෙල්ගම. ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඔහුව බේරා නොගත්තේ නම් ඔහු මරා දැමීමට ඉඩ තිබුණා. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට එහෙම සලකන්න දෙන්න බැහැ, ඒකයි අපිට තියෙන ප්රශ්නය”
ගාලුමුවදොර ගැටලුව සිදුවන විට තමා ඒ ආසන්නයේ හෝලයක සිටි බවත් එය වැළැක්වීම වෙනුවෙන් තමන් පොලිස්පතිවරයාට කථා කළ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ගාලුමුවදොර ගැටලුව පස්වරු 2-3 වන විට අවසන් වුවත් රාත්‍රී 11ට පමණ ගිනි තැබීම් ආරම්භ වූ බව ඔහු සඳහන් කළේය.
$ads={2}
“කොළඹ ආපු අය එළවා දැම්මා. 2:30ට 3ට විතර ප්‍රශ්නේ ඉවරයි. මම ඒක බලාගෙන හිටියා, ඇතැම් පුද්ගලයන් බේරේ වැවට දාලා තිබුණා. සමහර බස්වලට ගිනි තිබ්බා, පොලිසිය මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට කොළඹින් එළියට යන්න පුළුවන්ද කියලා සහතික කරන්න වුණා. අපි කැමති වුණේ නැහැ ඔවුන් කොළඹ අවට ගැවසෙනවාට. මම ආණ්ඩුවේ හිටියේ නැහැ. මම පොලිස්පතිතුමාට කතා කළා. මම කිව්වා අපි කොළඹින් අයින් කරමු කියලා. ඉතින් ඒක ඉවර වුණා.
රාත්‍රී 11 ට පමණ මෙම ගිනි ගැනීම් සිදුවුණා. සම්බන්ධය කුමක්ද? සැතපුම් 100 ක් දුරින්, සැතපුම් 150 ක් දුරින් ගිනි තැබීම් සිදුවුණා. මොකක්ද සම්බන්ධය ඒක තමයි මම ප්‍රශ්න කරන්නේ. අපි හිතමු ගාලු මුවදොර පැත්තේ අය ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළා කියලා එහෙමත් නැතිනම් අවට ප්‍රදේශවල මිනිස්සු මේ අයව ආරක්ෂා දෙන්න අවා කියලා. එතනින් ඒක එවරයි.
නමුත් රාත්‍රියේ ආපසු නිවසට යමින් සිටි වෙල්ගම මහතාට පහර දුන්නේ ඇයි? කුමාර් වෙල්ගම කියන්නේ කවුද කියලා කවුරුත් දන්නවා. නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔහු ගෙදර යමින් සිටියා, ඇයි ඔහු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඝාතනය කළේ?
ඇයි මේ ගෙවල් ගිනි තිබ්බේ? ඒක තමයි අපිට දැනගන්න ඕන. මම හිතන්නේ ඔබ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි, ඕනෑම කෙනෙකුගේ නිවස. ගෙවල්වලට, දේපළවලට ගිනි තැබීමට මම විරුද්ධයි. ආණ්ඩුවේ වුණත් විරුද්ධ පක්ෂයේ වුණත් මම ඒකට හැමදාම විරුද්ධයි. ඔබ පියවර ගත යුතුයි.”
– අද