ලංකා IOC සමාගම හදිසියේ ගත් තීරණය මෙන්න...

ලංකා අයි ඕ සී සමාගම සිය ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අද සහ හෙට දිනයේදී සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා.

එසේ වුවද සිපෙට්කෝ සහ රජයේ අවශ්‍යතා සඳහා පමණක් ත්‍රිකුණාමලය පර්යන්තයේ සිට ඉන්ධන සැපයීම සිදුකරන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

$ads={2}

සිය ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා සිට නැවත සිදුකරන බවද එම සමාගම නිවේදනය කර සිටිනවා.

සැලසුම් කර ඇති විරෝධතා හමුවේ ඉන්ධන සැපයුම් නතර කරන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බවද අයි ඕ සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝ ගුප්තා ප්‍රකාශ කලා.

Post a Comment (0)
Previous Post Next Post