Whatsapp ඔස්සේ හුවමාරුවන "තෙල් ටෝකන් " දෙන උගුලට ඔබත් හසුවුනාද ?

ඉන්ධන ලබාගැනීම සදහා ළඟම ඉන්ධන පිරවුම් හලෙන් ටෝකන් පතක් ඔන්ලයින් ක්‍රමයට ලබාගැනීමට හැකි බව පවසමින් ව්‍යාජ වෙබ් ලිපිනයක්(WEB LINK ) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

අද උදැසන සිටම බොහෝ දෙනාගේ  ජංගම දුරකථනයට වට්ස් ඇප් හරහා මෙම ලින්ක් එක ලැබී තිබුණු අතර මෙමගින් ඔබේ දත්ත වෙනත් පුද්ගලයෙකුට යාමට වැඩි ඉඩක් තිබෙන අතර කරුණු සොයා නොබලා හරි හැටි එවැනි ලින්ක් වෙත පිවිස තොරතුරු ලබා දීමෙන් වලකින ලෙසට ඉල්ලා සිටිනවා.

$ads={2}

මෙම වෙබ් ලිපිනයට අදාල ප්‍රධාන වෙබ් අඩවිය මේවන විට සක්‍රිය තත්වයේ නොපවතින අතර එය පසුගිය මස (26) වනදා  ලියාපදිංචි කොට ඇති බව අනාවරණය වෙනවා.


Post a Comment (0)
Previous Post Next Post