සති 3කට පස්සේ පොලිසිය ජනපති මැදුරෙන් හමුවූ එක්කෝටි හැත්තෑඅට ලක්ෂය ගෙනත් දෙයි! මෙච්චර කල් තියාගත්ත එක ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි!


ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් පොලිසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකක විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද  (29) භාරදෙනු ලැබීය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ මෙම මුදල් භාර දෙනු ලැබුවේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

මෙම මුදල අධිකරණයට ලබාදීමට සති තුනකටත් වඩා වැඩි කාලයක් ගතවීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ  අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

අරගලකරුවන් විසින් මෙම මුදල ලබා දෙනු ලැබ සති තුනකටත් වැඩි කාලයක් ගතවී තිබුණත් කොටුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් හෝ එම මුදල් හෝ අධිකරණයට භාර නොදුන්නේ මන්දැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ 28 අධිකරණයට දැනුම් දුන් පසු එම මුදල් වහාම අධිකරණයට භාර දෙන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් විණි .

$ads={2}

ඒ අනුව අද 29 එම මුදල අධිකරණයට භාර දෙනු ලැබුවේ කොටුව පොලිසියෙන් නොව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙනි.

Post a Comment (0)
Previous Post Next Post