අරලියගහ මැදුරෙන් සොරාගත් රූපවාහිනි දෙකක් සමග අරගලකරුවෙක් අත්අඩංගුවට


අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුලපන පොලීසිය සදහන් කරන්නේ අඟල් 54 වර්ග රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරාගෙන ගිය මෙම පුද්ගලයා සූපවේදියෙකු ලෙස රැකියාව කරන්නෙකු බවයි.

එක් රූපවාහිනී යන්තයක් සැකකරු පදිංචි බෝඩිමේ තිබී සොයාගෙන ඇති අතර අනෙක් රූපවාහිනිය රුපියල් 10,000 කට අලෙවි කර තිබියදී සොයාගෙන තිබේ.

$ads={2}

පොලීසිය සදහන් කරන්නේ මෙම රූපවාහිනි දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බවයි.

මෙම පුද්ගලයා අධික ලෙස අයිස් නම් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු බව ද තොරතුරු හෙළි කරගෙන තිබේ




Post a Comment (0)
Previous Post Next Post