ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව වාර්තාවේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවද වාර්තාවේ.
දශක ගණනාවකට පසු දරුණුතම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දරුවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරයෙහි ඔවුන්ට හිමිවන මුදල් ත්යාගලෙස පරිත්‍යාග කර ඇත.
යුනිසෙෆ් ඔස්ට්‍රේලියානු තානාපතිවරයෙකුද වන ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් වත්මන් නායක පැට් කමින්ස් සහ ආරොන් ෆින්ච් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 පරිත්‍යාග කරනු ඇත.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් මේ වසරේ ජූනි-ජූලි මාස වලදී ලංකාවේ කළ සංචාරයේදී අර්බුදය මුලින්ම දුටුවේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් සහ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා දහස් ගණන් සාමකාමී විරෝධතාකරුවන්ගේ කෑගැසීම් සමඟිනි. , රටේ ජනාධිපතිට සහ අගමැතිට ඉල්ලා අස්වීමට බල කරමින් කොළඹ අගනුවර ද එවැනිම පෙළපාලි පැවතිණි.
මේ අතරවාරයෙහි ඔවුනට සහය පතා කහ ඇඳගෙන නරඹන්න්ද ආ අතර ඊට ප්‍රතිචාර ලෙස ඕස්ට්‍රෙලියානු ප්‍රෙක්ෂකයින්ද නිල් ඇඳගෙන ගාලු තරගය බලන්නට පැමිණ තිබුණි.
මෙම ක්‍රියාවලින් තුළින් ක්‍රිකට් තරගකාරීත්වයට එහා ගිය මනුෂ්‍යත්වයක් පෙන්නුම් කෙරිණි.
ඕස්ට්‍රෙලියානු පිල මෙම පරිත්‍යාග කරන්නේද එහි දිගුවක් ලෙසිනි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පරිත්‍යාග කරන ලද අරමුදල් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික දරුවන් මිලියන 1.7 ක් වෙනුවෙන් පෝෂණය, සෞඛ්‍ය සේවා, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා ආධාර කිරීම සඳහා යුනිසෙෆ් හි වැඩසටහන් වෙත යොමු කෙරේ.
“ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට මේකාලයේ කෙතරම් බලපෑමක් එල්ල වන්නේද යන්න අපට ඉතා පැහැදිලි විය,” කමින්ස් මාධ්‍ය අමතමින් පැවසීය.
“සිදුවෙමින් පවතින දේ දුටු විට, දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා ශ්‍රී ලංකාවේ සිටින UNICEF වෙත අපගේ ත්‍යාග මුදල පරිත්‍යාග කිරීම පහසු තීරණයක් විය."
ෆින්ච් පැවසුවේ ශ්‍රී ලංකා ජනතාව ඔවුන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබූ බවත්, සංචාරය නිසා ඇතිවූ ප්‍රබෝධයෙන් පසු ප්‍රති උපකාර පිණිස කරන මෙම ආධාරය මගින් රටේ ජනතාව වැටී ඇති චිත්තවේගීය පීඩාව “යම් තරමකට හෝ ඉහළ නැංවීමට" බලාපොරොත්තු වන බවය.
$ads={2}
ඉන්දීය ප්‍රිමියර් ලීගය කල් දැමීමට හේතු වූ 2021 වසරේ ඉන්දියාවේ COVID-19 අර්බුදයේදී Cummins සහ Cricket Australia යන දෙදෙනා එරට ඒ වනවිට ප්‍රහ්නයක් ලෙස පැවති ඔක්සිජන් සැපයුම් සඳහා ඩොලර් 50,000ක් පරිත්‍යාග කර තිබුණි.
Gossip Lanka News