ජී.එල් 94 දී චන්ද්‍රිකාගෙ ආන්ඩුවට ඇතුල්වු කල සමාජයට තිබුනේ උද්දාමයකි. ඒ දුෂණයෙන් ඔද වැදී තිබුන ලාංකික සමාජය හරි මඟකට යොමු කිරීමට චන්ද්‍රිකා ආන්ඩුවේ උගතුන්ට හැකියාව ලැබෙනු ඇතැයි සිතාය. සමාජය තුල තිබු එම බලාපොරොත්තුව යම් ආකාරයකට හෝ ඉටු කලේ කදිරගාමර් මහතා පමනකි. නමුත් ජීඑල් ගේ දේශපාලන ගමන් මාර්ගය සනිටුහන් වන්නේ දේශපාලන මඩගොහොරුවේ පවතින මඩ තම ආත්මාර්ථකාමී බල අරමුනු සඳහාම කැපවෙමින් සියතින්ම සියොලඟ තවරා ගත් පුද්ගලයකු ලෙසටය. ජී.එල් තම ආත්මාර්ථකාමීත්ව තුලින් වැර යොදා පහරදුන්නේ සමාජ හෟද සාක්ෂියටය. ඒ අනුව ජීඑල් ඉතිහාසගත වන්නේ බුද්ධියට නිගා දුන් බුද්ධිමය චෞරවයකු ලෙසටය. සැබවින්ම ලාංකික දේශපාලනය තුල ජී.එල් වාර්ථාගත වන්නේ ප්රමුඛ පෙලේ බුද්ධිමය වංචනිකයකු ලෙසටය.
චන්ද්‍රිකා සමග එක්ව 2000 ව්‍යවස්තාව ගෙන එනු ලැබුයේය. තවත් බොහෝ ප්රගතිශී අණපනත් ගෙන ආවේය. චන්ද්‍රිකා රටට හඳුන්වාදුන් මහාචාර්යවරයා විසින් ඉන් පසුව සිදු කලේ චන්ද්‍රිකාගේ අත සපා කෑමය. 2001 දී රනිල්ගේ ආන්ඩුවට හේත්තු වුයේ චන්ද්‍රිකා රටට ද්රෝහිනියක් ලෙස හඳුන්වාදෙමිනි.
රනිල්ගේ ආන්ඩුව යටතේ ජීඑල් 17 ගෙනාවේය. එල්ටීටීය සමඟ සිදු කල සාකච්ඡාවන්හි රජයේ පාර්ශවයෙහි ප්‍රධානියා ලෙස කටයුතු කලේය. ජීඑල් එහිදී කීවේ උතුරට සුදුසුම විසඳුම ෆෙඩරල් පන්නයේ විසඳුමක් බවය.
2003 මැතිවරනෙන් එජාපයෙ ජාතික ලයිස්තුවෙන් පැමිනි ජී.එල්,රනිල් අතහැර මහින්දට එක්වුනේය. මහින්ද එදා ජී.එල් තම පිලට ගත්තේ වෙන කිසිවකට නොව තම පුතු නාමල්ව groom කර ගන්නටය. එදා සිට ජී.එල් මහින්දගේ කඳවුර තුල රඟ දැක්වුයේ ඉංග්‍රිසියෙන් කතා කරන කවටයකුගේ චරිතයකි.
94 දී දුෂණ විරෝධී පනත ගෙනආ ජීඑල්ට රාජපක්ෂලාගේ දුෂණ පිලිබඳව කිසිදු හිරිකිතයක් නොදැනුනේය. 17 ගෙනා ජීඑල් මහින්ද රජ කිරීමට ගෙනආ 18 ට අත ඉස්සුවා පමනක් නොව 18 තහවුරු කරන්නට බුද්ධිමය පච ඇද බෑවේය. උතුරට ෆෙඩරල් දෙන්නට කතා කල ජීඑල්, මහින්දගේ යුද ජයග්‍රහනය හරහා දේශප්‍රේමියෙකු බවට තමන්ම ප්‍රකාශ නිකුත් කර ගත්තේය.
ඉන් අනතුරුව බැසිල් ජී.එල් තම පොහොට්ටු පක්ෂයේ සභාපති කර ගත්තේය. ලංකාවට විනාශය ගෙන දුන් ගෝඨාභය දේශපාලනයේ ප්රමුඛ කාර්යභාරයක් කරමින් ජනතාව රැවටුවේය. ඒ නිසාම ගෝඨාභය ජනාධිපතිගේ කැබිනට්ටුවේ ප්රමුඛ පෙලේ සාමාජිකයෙක් ලෙස කටයුතු කලේය. 20 වන සංශෝදනය ගෙන ආවේ ගෝඨාබය ව්‍යවස්තාපිත රජකු කරවන්නටය. ජීඑල් 20 සංශෝදනයේ නිර්මාපකයා වුයේය. ගෝඨා රටේ බංකොලොත්භාවයට වගකිව යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරනය කියන කල ඊට ජී.එල් වගනොකිව යුතු යයි කිව හැක්කේ වංචනිකයකුට පමනකි.
අරගලය හරහා රාජපක්ෂ බලය වැහැරෙන කල ජී.එල් සීරු මාරුවෙන් තම ගියර් මාරු කර ගන්නේ තමන් අතීතයේදී චන්ද්‍රිකාට, රනිල්ට බෙදා දුන් ද්‍රෝහීත්වය මහින්ද ඇතුලු නඩයට ලබා දෙමිනි. දැන් ජීඑල් හැසිරෙන්නේ විපක්ෂයේ මහා ගැලවුම්කරු ලෙසටය. දේශපාලනයේ හයක් හතරක් නොදන්නා අනාගත ජනාධිපති සිහිනයකින් පමනක් පෙලෙන සජිත්ට ජී.එල් මහා වීරයෙක් ලෙස පෙනී ගොස් තමන්ගේ අනාගත රජයේ අගමැති ධූරයද පිරිනමන්නට දැන් එකඟවී ඇති බවක් වාර්ථා වන්නේය.
එවැන්නක් තුලින් පෙන්වන්නේ සජිත්ට මෙන්ම ජීඑල්ට ලාංකික සමාජය පිලිබඳව පවතින තක්සේරුවයි. මහින්ද-බැසිල් දේශපාලනයට දශක ගනනාවක යටව සිටි එයට විපක්ෂව සිටි ජනතාවට සජිත් ලබා දෙන්නට යන දේශපාලන තිලිනය අනර්ඝය. ජීඑල් සිතන්නේ මෙරට ජනතාව පිදුරු කන ගවයන් බවය. සජිත් හිතන්නේ ජීඑල්ගේ බුද්ධිය ජනතාවට තොරොම්බල් කොට රටේ ජනාධිපතිවීමටය.
මේ සියල්ල මඟින් පෙන්වන්නේ රටේ දේශපාලන පංතියේ පවතින අඳ බාල කමයි.