මෛත්‍රීපාල සිරිසේන මහතා දයාසිරි ශ්‍රීලනිපයෙන් පලවා හැරීමත් සමඟම තමන්ට අත්විය හැකි දේශපාලනික අනාථභාවය මඟ හරවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවක් මේවන විට ඔහු කියන කරන දෑ මගින් පෙන්නුම් කරමින් සිටී.
එම උත්සාහය දේශපාලන විචාරකයින් සමාන කරන්නේ වතුරේ ගසාගෙන යන මිනිසකු පිදුරු ගසකත් එල්ලීමට දරන ලද උත්සාහයකටය.
දයාසිරි කියන්නේ තමන් ලාංකේය සමාජය තුළ පවතින වාම ජාතිකවාදී දේශපාලන ප්‍රවනතාවට අලගු තැබීමට සුදානම් බවයි. එසේ නැති නම් එම ප්‍රවනතාවට නායකත්වය ලබා දෙන කෙනෙකුට සහයෝගය ලබා දෙන බවයි.
දයාසිරිගේ එම ප්‍රකාශය අපට කියන්නේ දයාසිරි ට නොවැටහෙන්නේ යමක්ද ඒ සියල්ල දයාසිරිට අනාගතයේ දී මුහුණ දීමට සිදුවන කටුක යථාර්ථයෙන් ම වන බවය.
දයාසිරිට නොවැටහෙන පළමු යථාර්ථය වන්නේ ලාංකික වාම ජාතික වාදයේ පියා මහින්ද රාජපක්ෂ වන බවය. එම වාම ජාතික වාදයේ පහස දයාසිරිට කිසිදා නොලැබෙනු ඇති බවය.
දෙවැන්න ලාංකික ජාතිකවාදයේ උරුම කරුවන් ලෙස මහින්දගෙන් බෞතිස්ම ලැබු විමල්-ගම්මන්පිල ලාංකික සමාජය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවය.
ඔවුන් අනාගතයේදී ලාංකික වාම ජාතිකවාදයට නායකත්වය දෙන්නේ නම් සහ එම නායකත්වයේ සෙවණට දයාසිරි යන්නට බලාපොරොත්තුවන්නේ නම් දයාසිරිගේ දේශපාලන අනාගතයට දෙයියන්ගේම පිහිට ලැබිය යුතු බවය.
තුන්වැනුව දයාසිරි සිතන්නේ ලාංකීය වාම ජාතික වාදයේ තිඹිරිගෙය වන ශ්‍රීලනිපය පදනම් වූ පංච මහා බලවේගය තවමත් දයාසිරිට පහස ලබා දෙන්නට සැදී පැහැදී සිටින බව නම් එය දහවල් දකින සිහිනයක් වන බවය. මක් නිසාද යත් ලාංකේය ග්‍රාමීය හා නාගරික සිංහල උගත් පංතියේ කොඩිය දැන් අතැතිව සිටින්නේ ජවිපෙ ප්‍රමුඛ ජාජබය නිසාය.
ඒ නිසා දයාසිරි තම දේශපාලන ගණන් බැලීම් එක්කෝ ස්වයං විශ්ලේශණයකට ලක් කරගත යුතුව තිබේ.
සැමදා තම දේශපාලනික අවස්ථාව පිළිබඳ ඉවකින් වැඩ කොට පක්ෂය කඳවුර කුමක් වුවද, මැති ඇමති කම් වලින් පිදුම් ලැබු දයාසිරිට ඔය කියන දේශපාලනික ලයින් එක නම් වැඩනොකරනු ඇති බවට නම් ඇත්තේ ඉර-හඳට සමාන විශ්වාසයකි.
මෙවර දයාසිරි ගමන් කරන්නේ කතරගමට ද, අතරමගට ද, යන්න තීරණය වනු ඇත්තේ ඉදිරි මාස කීපය තුළ වාම ජාතිකවාදය හරහා ඔහු අරඹන නව දේශපාලන ගමන තුළ ය.