චරිත හේරත් මහතා නියෝජනය කරන නිදහස ජනතා සභාවේ කිහිප දෙනෙකු ස.ජ.බ සමග සන්ධාන ගත වන බව පසු ගියදා දේශපාලන කරළිය තුළ දැඩිව කතා බහට ලක් වූයේය.
එමෙන්ම මේ වනවිටත් ජී එල් පීරිස් ම්හහතා නාලක ගොඩහේවා මහතා ඇතුළු කිහිප දෙනෙකුම සමගි ජන බලවේගය සමග ගිවිසුමකට එළඹ තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කොට තිබේ.
එහෙත් සජබ හෝ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට අනන්‍ය වූ ආර්ථික දැක්මක් නොමැති අතර අවම වශයෙන් නාමිකව හෝ එවැන්නක් ප්‍රකාශ කොට හෝ නොමැත.
මහාචාර්ය චරිත හේරත් මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ''සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නැඹූරු වූ වෙළඳපොළ සංවර්ධනය පිළිගන්නා වූ ධනේෂ්වර ආර්ථික මොඩලයක් රටට හඳුන්වා දිය යුතු බවයි.
එමෙන්ම අර්බුදයට මුහණ දී ඊට මුහුණ දී විසඳුම් සෙවිය හැකි ආර්ථික ක්‍රමයක් ගැන තමන් විශ්වාස කරන බව ද මහාචාර් ය චරිත හේරත් මහතා පවසන අතර ආර්ථික අර්බුදය හමුවේ අරගලය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොර රහසේ රටින් පිටව ගිය පසු හිස් වූ ජනපති පුටුව භාර නොගෙන විපක්ෂ නායක සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ නායකයින් නුවර සිට කපුටෙකු රැගෙන කොළඹ එන ජන රැළිය මෙහෙයවමින් ආර්ථික අර්බුද වලට මුහුණ දීමට තමන් ඇතුළු නායකයින් නුසුදුසු අය බව ජනතාවට පෙන්වා දුන් නිසා මහාචාර්ය වරයා මේ කියන්නේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ගැන නොවන බවනම් පැහැදිලි වේ.
මාධ්‍ය හමුවක් අමතමින් වැඩි දුරටත් අදහස් දක්වන මහාචාර් ය චරිත හේරත් මහතා වත්මන් ජනාධිපතිවරයා ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ එය ඉදිරියට රැගෙන යෑමට බලපොරොත්තුවෙන් සිටින අයට විවේචනය කරනු ලැබේ.
ජාතික ජනබලවේගයේ ප්‍රධානත්වය ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ආර්ථික මොඩලය ලෙස ලාංකීය පන්නයේ සමාජවාදයක් ගෙන එන බව එහි දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කොට ඇති අතර මහාචාර්ය චරිත හේරත් මහතා මේ කියන අලුත් ආර්ථික ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හෝ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා යන ඉදිරි ජනාධිපති ධූරය සඳහා තරඟ කරනවා යැයි නම් කියැවෙන කිසිවෙකුගෙන් හෝ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් වලින් බලාපොරොත්තු වීමට අපහසුය.
එසේනම් මහාචාර්ය චරිත හේරත් කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික මොඩලය රටට ඉදිරිපත් කරන දේශපාලන ප්‍රවාහය කුමක් ද යන්න ගැන සාධාරණ කුකුසක් මේ රටේ රටවැසියන්ට ඇති වනවා නොඅනුමානය.