"චීන පොහොර නැව පිටුපස ඉන්නේ මේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක්" - පාඨලී චම්පික රණවක


චීනයෙන් ගෙන්වනු ලැබූ පොහොර නෞකාව පිටුපස ඉන්නේ මේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක් යැයි හිටපු අමාත්‍ය හා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා(23) පවසයි.

ගාල්ලේ පැවැති වැඩමුළුවකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය. කාබනික පොහොර කියා චීනයෙන් ගෙන්වනු ලැබූ පොහොර නැව රටට ඉතාම අහිතකර බවට මේ රටේ පර්යේෂණාගාරවලින් ඔප්පු වී තිබියදී නැවතත් ඒ පොහොර නැව බලහත්කාරයෙන් අපිට ගොඩබාන්න තමයි එන්නේ.

මේ ජාවාරම්කාරයන්ගේ මේ සෙල්ලම සුදුලූනු බිකේ සිට සීනි ඇටය, එන්නත්කරණය දක්වා ජවාරම්කාර ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වන්නේ. කසළවලින් මළපහවලින් හදපු පොහොරවලටත් මේක තමයි කරන්න හදන්නේ. මෙයට එරෙහිව මුළු රටම නැගී සිටිය යුතුයි. මේ නෞකාව ගෙන්වපු කොන්ත්‍රාත්කරුවන්ට හා ටෙන්ඩර්කරුවන්ට දඬුවම් කළ යුතුයි. දැන් මේ නාඩගම ඇති. වසංගතය ජාවාරමක් කරගත්තා මෙරටට ආහාර, ඖෂධ, ගෙන්වීම ජාවාරමක් කරගත්තා. අපේ රටේ භෝග පස විනාශ කරන පොහොර ගෙන්වීමට එරෙහිව මේ රටේ ජනතාව නැගි සිටිය යුතුයි.

-යූ.එම්. තිලකරත්න -ලබුදුව,රවීන්ද්‍ර චන්ද්‍රලාල් -හිනිදුම

Post a Comment (0)
Previous Post Next Post