පොලොන්නරුවේ පැය 24කදී නව ආසාදිත‌යෝ 120ක්


තුන්වන රැල්ලේ කොරෝනා නව ආසාදිතයන් 120දෙනකු ගතවූ පැය 24 තුළ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අලුතින් හමුවී අතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ ඊයේ (16 වැනිදා) ප්‍රකාශ කළේය. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුළු කොරෝනා අසාදිතයන් ගණන 14,830ක් දක්වා ඉහළ නැග ඇතැයිද ඒ මහතා කීය. මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් මියගොස් ගොස් ඇති ගණන 187කි.

$ads={2}

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවූ තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිත පාසල් ළමයින් ගණන මේ වනවිට 1,567ක් බවට පත්ව තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානවල දැනට ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 137කි. ඒ හිඟුරක්ගොඩ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 48ක් සහ වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 89ක් වශයෙනි.

කේ. ජී. කරුණාරත්න - තමන්කඩුව

Post a Comment (0)
Previous Post Next Post