අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 19 වන සිකුරාදා

මේෂ - විභාග ජය

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් අංශවලට යොමු වීමෙන් ලාභ ලබා ගනී. ලොතරැයි දිනුම්වලට ඉඩ පවතී. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගනී. අධ්‍යාපන කටයුතුවලට ශුභයි.

කටක - සිතේ කරදර

සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා පහළ වේ. ඉක්මන් කෝපය ඇති වේ. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. විශේෂයෙන් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.

$ads={2}

තුලා - විභාග ජය

මිල මුදල් ලාභ ලැබේ. විවිධ මාර්ගවලින් ආදායම් උපයයි. නව මිතුරු සබඳතා ඇති වේ. ගරු සැලකිලි ලබයි. විනෝදාත්මක කටයුතුවල යෙදේ. වචන පාවිච්චියෙන් ජයග්‍රහණ ලබා ගනී. විභාග සාමාර්ථ ලබයි.

මකර - ආදායම ඉහළට

ආදායම් මාර්ග ඉහළ නගී. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. හුදෙකලාව කාලය ගත කිරීමට උත්සාහ දරයි. රැකියා කටයුතුවලින් උසස්වීම් ලබයි.

වෘෂභ - පොළොවෙන් ලාභ

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. පොළොව සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ.

සිංහ - මිතුරන් විරසකවේ

දියුණුවට උත්සාහ ගන්නා මුත් එතරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. සතුරු කරදර බහුලයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ලැබේ. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා වේ. ඥාති මිත්‍රාදීන් සමග විරසකතා ඇතිවේ.

වෘශ්චික - වෙළෙඳාමෙන් පාඩු

බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට වැඩිහිටි විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් අවාසිදායක තීරණ ලැබේ. වෙළෙඳ ව්‍යාපාර පාඩුවට යයි.

කුම්භ - අසරණයන්ට පිහිට

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. රැකියා කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් ඇති කරයි. උසස් පුද්ගලයන් සමග කටයුතු කිරීමේ දී ප්‍රවේසම් වන්න. අසරණයන්ට පිහිට වීමට ඉදිරිපත් වේ. හෘද පීඩා උත්සන්න වේ.

මිථුන 

වියදම් පක්ෂ වැඩි වේ. තම වස්තුවට සොර සතුරු බාධා පැමිණේ. ගෞරවයට හානි සිදු වේ. කරගෙන යන කටයුතුවලට බාධාකාරියි. බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොවේ. මතක ශක්තිය දුර්වල‌ වේ.

කන්‍යා - නිෂ්ඵල ගමන්

කරදරකාරී වටපිටාවක් ඇති වේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. නිෂ්ඵල ගමන් යෙදීමෙන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. දණහිසෙන් පහළ රෝගාබාධ ඇති කරයි.

ධනු - අන්සතු වස්තුව ලැබේ

කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. ඥාති මිත්‍රාදීන් අතර සැලකිල්ලට පාත්‍ර වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ.

මීන - හදිසි අනතුරු

අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. සිත් තැවුල් ඇති කරයි. රැකියා ස්ථානයේ කාර්යබහුලත්වයක් පෙන්වයි. අනවශ්‍ය සබඳතා පැවැත්වීමෙන් කීර්ති නාමය පළුදු විය හැක. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. හදිසි අනතුරු පෙන්වයි.

Post a Comment (0)
Previous Post Next Post