අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 17 වන බදාදා


මේෂ - වන්දනා ගමන්

ආදායම් ලැබීම් අතින් යහපත් දිනයකි. පියාට මෙන්ම දරුවන්ට ද සුබදායකයි. ධාරණ ශක්තිය වර්ධනය වේ. වන්දනා ගමන් සඳහා යොමු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

කටක - ආදායම යහපත්

ආදායම් තත්ත්වය යහපත් වේ. ව්‍යාපාර කටයුතුවල නිරත නම් ලාභ ප්‍රයෝජන අත්පත් කර ගත හැක. අතරමග නවතා දමා තිබූ කටයුතු යළිත් ක්‍රියාත්මක කරයි.

තුලා - හදිසි ධන ලාභ

හදිසි ධන ලාභ ලැබේ. කතාවේ බලයෙන් වැඩකටයුතු සිදුකර ගනී. විදෙස් අධ්‍යාපන කටයුතුවලට පදනම වැටේ. රැකියා ස්ථානයේ කටයුතු සාර්ථක අන්දමට සිදුකර ගත හැක.

$ads={2}

මකර - දරුවන්ගෙන් සතුට

ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. නැදෑ හිතවතුන් නිසා සිත් වේදනා ඇති වේ. රහස් සතුරන් ඇති විය හැක. විවාහයේ ගැටලු මතු කරයි. එහෙත් දූ දරුවන් නිසා සිතේ සතුට ඇති කරයි.

වෘෂභ - නීති ගැටලු

ආදායම් තත්ත්වය අශුභදායක නොවේ. නීතිමය ගැටලුවලට මැදිහත්වීමට ඉඩ තිබේ. සතුරු කරදර ඉස්මතු වුව ද තම බලයෙන් ඒවා යටපත් කරගැනීමේ හැකියාව ලැබේ.

සිංහ - වියදම් ඉහළට

ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහල යයි. නිෂ්ඵල ගමන් යෙදේ. උසස් අයගේ උදව් උපකාර හිමි වේ. අධ්‍යාපන කටයුතු සතුටුදායක මට්ටමක පවතී. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

වෘශ්චික - දේපළ ලාභ

මුදල් ලාභ උරුමයි. බලාපොරොත්තු ඉටු වන දිනයකි. දේපළ ලාභ හිමි වේ. ඥාති මිත්‍රාදීන් සමග සබඳතා වැඩි වේ. ආගම දහම කෙරේ සිත ඇදී යයි. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කුම්භ - පදිංචියේ වෙනසක්

ශුභාශුභ මිශ්‍රව ලැබේ. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු වේ. නඩුහබවලට පැටලීමේ ඉඩ පවතී.අනවශ්‍ය අය ඇසුරට ලැබිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබයි.

මිථුන

අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක් වේ. පොත්පත්, ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් වීමක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ උරුමයි.

කන්‍යා - කතාබහ අඩු වේ

වියදම් පක්ෂය ඉහල යයි. ණය වීමට වුව සිදුවිය හැකි දිනයකි. කේලාම් ඕපාදූපවලට හසුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. කතාවේ බලය අඩු වේ. අධ්‍යාපනයට උදාසීන ගති පෙන්වයි.

ධනු - ධන හානි

ධන හානි සිදු වේ. අසත්‍ය චෝදනා එල්ල විය හැක. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඉස්මතු වේ. නිවසින් පිට වාසය කිරීමේ අවස්ථා යෙදේ. සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැක.

මීන - උරුමයක් ලැබේ

වියදම් අධික වන දිනයකි. පරම්පරාගත උරුමයක් ලැබේ. රැකියා කටයුතුවල දී විවිධ අපහසුතා ඇති වේ. කටයුතුවල මන්දගාමී බවක් ඇති කරයි. පිය පාර්ශ්වයට යහපත්ය. වාත රෝග, උෂ්ණ රෝග මතු කළ හැක.

Post a Comment (0)
Previous Post Next Post