වාට්ටුවේ හිටිය ගැබිනි බිරියට සැමියා ඇසිඩ් ගහයි..

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිය ගැබිනි බිරිඳ වාට්ටුවෙන් පිටතට ඇදගෙනැවිත් ඇසිඩ් ගසා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයකු සොයා මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

$ads={2}

මෙම කාන්තාව රෝහලේ වාටුටු අංක 05 හි (නාරිවේද ඒකකයේ) නේවසික ප්‍රතිකාර සඳහා පසුගිය (17 වැනිදා) යොමුකර ඇත්තේ සැමියාගෙන් වූ පහරදීමක් හේතුවෙනි.

එලෙස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියෙදී ඇයගේ සැමියා ත්‍රිරෝද රථයකින් ඊයේ (29 වැනිදා) සවස 5.45 ට පමණ රෝහල වෙත පැමිණ ඇසිඩ් කෑනයක්ද රැගෙන රෝහලේ වාට්ටු අංක 05 වෙත ගොස් තිබේ. එහි සිටි සිය බිරිඳ වාට්ටුවෙන් පිටතට ඇති වෛද්‍ය රසායානගාරය අසලට ගෙනැවිත් ඇයගේ මුහුණ ප්‍රදේශයට ඇසිඩ් ගසා බරපතළ තුවාල සිදු කර පලාගොස් ඇත. ඇය තෙමස් ගැබිනියකි.

ප්‍රහාරයට ලක් වූ ඇය විශේෂ වෛද්‍ය පරීක්ෂණයෙන් යටතේ රෝහලේ ප්‍රථිකාර ලබන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පැවසීය.

Post a Comment (0)
Previous Post Next Post