ඔන්ලයින් ප්‍රේමය ළිං පතුලේ සැගවෙයි... පෙම්වතා සමග උරණ වූ පලියට දැරිය ළිඳට පැනලා

පෙම්වතා හා ඇතිකර ගත් ප්‍රශ්නයක් මුල්කරගනිමින් කරුවලගස්වැව ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක ඊයේ (30 වැනිදා) ළිඳට පැන සියදිවි නසාගෙන තිබේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව සියඹලාවැව ගම්මානයේ පදිංචි 15 හැවිරිදි දැරියක බව කරුවලගස්වැව පොලිසිය සඳහන් කරයි.

දැරිය කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග රහසේ සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර දෙමාපියන්ගෙන් ඊට දැඩි විරෝධයක් පලවී තිබිණි. පසුගිය 28 වැනිදා රාත්‍රියේ සිට පෙරේදා (29 වැනිදා) අලුයම වනතෙක්ම දැරිය එම තරුණයා හා කෙටි පණිවුඩ හුවමාරු කරගෙන තිබේ.

කොවිඩ් වසංගතය තදින්ම ව්‍යාප්තව පැවති කාලයේදී පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම දැරියගේ මව ඇයට ජංගම දුරකතනයක් මිලදී ගෙන ඇත. මව කුලී වැඩ කරමින් උපයාගත් මුදලින් එම දුරකතනය මිලදී ගෙන තිබේ.

$ads={2}

දැරියගේ ජංගම දුරකතනය මේ වන විට පොලිසිය භාරයේ පවතී.



Post a Comment (0)
Previous Post Next Post