දාහතරේ දැරිය ගැබිනියක කළ පාපතරයන්ට වැඩ වරදී..මවගේ අනියම් සැමියා සහ සෙබළ පෙම්වතා විටින් විට දැරිය කෙලෙසලා


14 හැවිරිදි දැරියක් සති 8ක ගැබිනියක් බවට පත්කළ මවගේ අනියම් සැමියා සහ හමුදා සෙබළ පෙම්වතා අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලිසිය කියයි. දැරිය රෝහල් ගත කර ඇත.

$ads={2}

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පානදුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් දැරිය ගැබ්ගෙන ඇති බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර පෞද්ගලික රෝහලකට ඇතුළත් වන ලෙස උපදෙස් ලබා දී ඇත.

රෝහල මගින් අලුබෝමුල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මීට වසරකට පමණ ඉහතදී පියා වෙනත් විවාහයක් කරගෙන මව අත්හැර දැමීමෙන් අනතුරුව මවගේ අනියම් ස්වාමිපුරුෂයා මව රැකියාවට ගිය අතරවාරයේදී දැරිය දූෂණයට ලක් කර තිබූ බව මූලික විමර්ශනවලදී දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වී ඇත.

මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගත් 19 හැවිරිදි හමුදා සෙබළාට ඒ බව පැවසීමෙන් අනතුරුව නිවසේ කිසිවකු නොමැති අවස්ථාවලදී ඔහු ද තමන් දූෂණයට ලක් කළ බව දැරිය වැඩිදුරටත් ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අලුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

එස් ජයසිංහ- කහතුඩුව

Post a Comment (0)
Previous Post Next Post