පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන මහතා කම්හලෙන් ඇදගෙන යන්න පිරිස උත්සාහ කරමින් සිටි අවස්ථාවේ බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතික මලික් අද්නන් වෙත විශේෂ සම්මානයක් පිරිනැමීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තීරණය කර ඇති අතර ඒ බව ට්විටර් ඔස්සේ දන්වා තිබේ.
වද හිංසා පමුණුවන අවස්ථාවේදී ප්‍රියන්තට පහත් වෙන්න කියා ඔහුව බදා ගනිමින් ඔහුව ආරක්ෂා කිරීමට මලික් කටයුතු කරනු ලැබූ නමුත් කුපිතවූ විශාල පිරිස මෙල්ල නොවූ අතර ඔහුව තල්ලුකර දමා ප්‍රියන්ත රැගෙන යන අයුරු වීඩියෝවල දැක්වේ.
පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටම්ඝා අයි සුජාත් සම්මානය මලික්ට පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. පන්ජාබ්
රජයද මලික් වෙත මානව හිමිකම් සම්මානයක් පිරිනැමීමට තීරණය කර තිබේ.
$ads={2}
A hero stood between a bloodthirsty mob and an innocent man with footage of a factory colleague trying to protect the Sialkot lynching victim Priyantha Kumara from a mob which later brutally killed him and then set his body ablaze going viral on Saturday. #etribune pic.twitter.com/UNDHkWG7Af
— The Express Tribune (@etribune) December 4, 2021