2012 වැලිකඩ ගැටුම : එමිල් ට මරණ දඩුවම / නියෝමාල් රංගජීව නිදහස්


2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී සිරකරුවන් පිරිසක් ඝාතනය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම වුණා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරිමටයි විනිසුරු මඩුල්ල නියම කලේ.

විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම නියෝගය ලබාදුන්නා.

$ads={2}

මෙම නඩුව වසර 03 කට අධික කාලයක් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණුනා.

2012 වසරේ නොවැම්බර් මස 09 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

එහිදී ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දමන ලදැයි චෝදනා කරමිනුයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ.

Post a Comment (0)
Previous Post Next Post